AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු T20 කාන්තා ක්‍රිකට් කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එළඹෙන ඔක්තෝම්බර් 03 වැනි දින සිට ඇරඹෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් ශූරතාව සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (17) පස්වරුවේ මෙම නිල සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනුයි ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමි ව තිබෙනවා.

චමරිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

2024 වර්ෂයේ ආසියාවේ T20 ශූරියන් කවුරුන් ද යන්න තීරණය කෙරෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් සුදුසුකම් ලබා සිටිනවා.

ඒ තරග 15ක් සඳහා යි.

ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ; චමරි අතපත්තු, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දී, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානී සහ අමා කාංචනා ය.

මෙවර ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ අතර තරගාවලිය ලබන 19 වනදා රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 20 වනදා බංග්ලාදේශය සමග පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?