ආසියානු T20 කාන්තා ක්‍රිකට් කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එළඹෙන ඔක්තෝම්බර් 03 වැනි දින සිට ඇරඹෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් ශූරතාව සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (17) පස්වරුවේ මෙම නිල සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනුයි ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමි ව තිබෙනවා.

චමරිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

2024 වර්ෂයේ ආසියාවේ T20 ශූරියන් කවුරුන් ද යන්න තීරණය කෙරෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් සුදුසුකම් ලබා සිටිනවා.

ඒ තරග 15ක් සඳහා යි.

ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ; චමරි අතපත්තු, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දී, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානී සහ අමා කාංචනා ය.

මෙවර ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ අතර තරගාවලිය ලබන 19 වනදා රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 20 වනදා බංග්ලාදේශය සමග පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29