AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු සංවර්ධන බැංකුවෙන් නව ජනපතිට සුබ පැතුම්

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබාශිංසන එක් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව සඳහන් කරන ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ද මෙරට ජනතාවට ස්තුතිය පිරිනමා ඇති බවයි.

1966 වසරේ සිට මේ දක්වා ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ ව පෙන්වා දුන් අසකාවා මහතා වසර ගණනාවක් තිස්සේ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවල දී මෙන් ම ජනතාවගේ අභිලාසයන් ඉටු කිරීමට ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව ද සිය පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එය වඩාත් ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාගේ නායකත්වය ඉවහල් වනු ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?