02 වන ආසියානු යෝගාසන ශූරතා තරගාවලියට (02nd Asian Gogasana Sport Championship) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට සහභාගී වූ කණ්ඩායම රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගෙන අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම තරගාවලිය ආසියානු රටවල් 21ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර, ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ දී ඉකුත් 25 දින සිට 27 දින දක්වා පැවැත්වූ බවයි.
එහිදී මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 13 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් අතරින් 10 දෙනෙකුම මෙම තරගාවලියේ දී පදක්කම් දිනා ගැනීමට සමත් වූ බවත් මේ සියලුම දක්ෂයින් තවමත් පාසල් මට්ටමේ ක්‍රීඩකයින් වීම ද මෙහි ඇති විශේෂත්වයයි.
මෙම ජයග්‍රාහි ක්‍රීඩකයන් පිරිස අද උදෑසන 08.53 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් සහ ශ්‍රි ලංකා යෝගාසන පදනමේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියා.





