ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත්වෙයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගෝස්තු 30 සිට සැප්තැම්බර් 17 දක්වා පැවැත්වෙන තරඟාවලියට පකිස්ථානය සහ ශ්‍රී ලංකාව එක්ව සම සත්කාරකත්වය දක්වනු ඇති.

මුල්තාන් හිදී පැවැත්වෙන පළමු තරගයේදී පාකිස්තානය නේපාලයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

පන්දුවාර පනහක තරග රටාවකින් පැවැත්වෙන මෙම තරගාවලියේ ආසියානු රටවල කණ්ඩායම් 6 කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ දෙකකට බෙදා තිබෙනවා.

පාකිස්තානය, ඉන්දියාව සහ නේපාලය A කාණ්ඩයෙන් ද, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව B කාණ්ඩය ද නියෝජනය කරනවා.

තරඟාවලිය දෙමුහුන් ආකෘතියක් අනුගමනය කරන අතර, තරඟ 4ක් පකිස්ථානයේ ක්‍රීඩාංගන දෙකක පැවැත්වෙන අතර ඉතිරි තරග සඳහා සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සුවිශේෂී තරගය සැප්තැම්බර් 2 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Asia Cup OK
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?