ආසියානු කුසලාන අවසන් මහා තරගය අද රාත්‍රියේ

අද (11) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් පකිස්තානය පරදවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක තෑගි මුදලක් මෙරටට හිමි වීමට නියමිතය. මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි හතක් සහ තවත් ලක්ෂ තිහක පමණ අගයකි.

ජයග්‍රාහී කණ්ඩායමට එම මුදලට අමතරව තවත් දීමනා සහ සැනසිලි තෑගි ද හිමි වේ.අනුශූරතාවය හිමි කර ගන්නා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක තෑගි මුදලක් හෙවත් රුපියල් තුන්කෝටි හැටපන්ලක්ෂයක පමණ මුදලක් තෑගි වශයෙන් පිරිනැමේ.

කෙසේ වෙතත් පසුගිය වර ශූරයන් වූ ඉන්දියාව සඳහා පිරිනමා තිබුණේ ඩොලර් 60000ක තෑගි මුදලක් පමණි. එවර අනුශූරතාවයට ඩොලර් 30000කි. ශ්‍රී ලංකාව සහ පකිස්තානයට අමතරවඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ හොංකො යන රටවල් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළහ.

විස්සයි විස්ස අවසන් මහා තරගය අද (11) රාත්‍රි 7.30 ට ඩුබායි හි දී පැවැත්වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29