AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු කුසලානයේ සූදානම ගැන සොයන්න පිරිසක් ලංකාවට

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූදානම පිළිබඳව සොයා බැලීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ඊයේ මෙරට නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණියා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරණු ලබන්නේ පාකිස්ථානය වන අතර, තරගාවලියේ ඉන්දියාව සහභාගීවන තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, මෙවර තරගාවලිය වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

එළඹෙන අගෝස්තු මස 30 වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරග සංඛ්‍යාවෙන් තරග 09ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, සත්කාරකත්වය දරණු ලබන පාකිස්ථානයේ පැවැත්වෙන්නේ තරග 04ක් පමණයි.

මේ අතර මෙවර ආසියානු ශූරයින් වෙත පිරිනමන කුසලාන එළිදැක්වීම පාකිස්ථානයේ දී පසුගිය දා සිදුකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?