ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට හිමිව තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය ද 2023 ආසියානු කුසලානය සඳහා වන දෙමුහුන් ආකෘතිය පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආසියානු කුසලාන ශූරතාවලිය පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ පැවැත් වෙනු ඇති.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින මතබේධාත්මක තත්වය හේතුවෙනුයි ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ අවසන් තිරණයක් ගැනීමට නොහැකි වූයේ.

තරගාවලිය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශූරතාවලියේ කණ්ඩායම් හය කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් සුපිරි හතර අදියරට පිවිසෙනු ඇති.

ඒ අනුව තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 04ක් පාකිස්ථානයේ දීත් තරග 09ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

වසර 15කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව මෙවර පාකිස්ථානයට හිමිවී තිබුණ ද ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය කණ්ඩායම එරටට යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තරගාවලිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවී තිබුණා.

සාකච්ඡා වට ගණනාවකින් පසුව එය මෙලෙස දෙමුහුම් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ හා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?