ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට හිමිව තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය ද 2023 ආසියානු කුසලානය සඳහා වන දෙමුහුන් ආකෘතිය පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආසියානු කුසලාන ශූරතාවලිය පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ පැවැත් වෙනු ඇති.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින මතබේධාත්මක තත්වය හේතුවෙනුයි ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ අවසන් තිරණයක් ගැනීමට නොහැකි වූයේ.

තරගාවලිය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශූරතාවලියේ කණ්ඩායම් හය කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් සුපිරි හතර අදියරට පිවිසෙනු ඇති.

ඒ අනුව තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 04ක් පාකිස්ථානයේ දීත් තරග 09ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

වසර 15කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව මෙවර පාකිස්ථානයට හිමිවී තිබුණ ද ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය කණ්ඩායම එරටට යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තරගාවලිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවී තිබුණා.

සාකච්ඡා වට ගණනාවකින් පසුව එය මෙලෙස දෙමුහුම් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ හා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14