logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ආසියානු කුසලානයට තව දින දෙකයි – ශ්‍රී ලංකා ආබාධිත ලැයිස්තුව තවත් ඉහළට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයට දින දෙකක් පමණක් තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් ආබාධිත ලැයිස්තුවට එක්ව තිබෙනවා.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක මෙලෙස ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහුට ද මෙවර ආසියානු කුසලාන තරගාවලිය අහිමිව යන බවයි වාර්තා වුණේ.

මේ වනවිට කසුන් රාජිත, මතීෂ පතිරණ සහ ප්‍රමෝද් මධුෂාන් ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස තෝරාගෙන තිබෙනවා.

මේ අතර ඩිල්ෂාන්ගේ ඉවත්වීමෙන් පුරප්පාදුවන ස්ථානය පිරවීමට ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කෙරෙහි අවදානය යොමුව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙක්වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරට ද ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලානය අහිමිව යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
12
+1
1
+1
8
+1
5
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?