චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ්, චීනයේ හැංෂු හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්වන ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා නම්කර තිබෙනවා.
මෙම ඉන්දීය සංචිතය සඳහා මේ වනවිට ටෙස්ට් පිටියේ දස්කම් දක්වන යෂස්වි ජයිස්වාල් එක්කර ඇති අතර, කොල්කටා නයිට් රයිඩර්ස් පිළේ රින්කු සිං ද එක්කර ඇති බවයි වාර්තා වන්නේ.
සුපිරි ඉන්දීය පිතිකරු ශිකර් ධවාන් මෙම ක්‍රීඩා උළෙලේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙනු ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.
කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ තීරණය කළේ මෙම සංචිතයේ නායකත්වය රුතුරාජ් ගයික්වාඩ්ට ලබාදීමටයි.
ඒ, අනුව 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්වන ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට නම්කර අවසන්.
රුතුරාජ් ගයික්වාඩ් (නායක), යෂස්වි ජයිස්වාල්, රාහුල් ත්‍රිපාති, තිලක් වර්මා, රින්කු සිං, ජිතේෂ් ෂර්මා, වොෂින්ටන් සුන්දර්, ෂාබාස් අහමඩ්, රවී බිෂ්නෝයි, අවේෂ් ඛාන්, අර්ෂ්දීප් ඛාන්, මුකේෂ් කුමාර්, ශිවම් මාවි, ශිවම් ඩුබේ, ප්‍රබ්සිම්රන් සිං එම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් වනවා.
නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මත මෙම සංචිතයේ තෝරාගැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.





