ආසියානු ක්‍රීඩා උළෙලේ දී රුතුරාජ් ගයික්වාඩ්ට ඉන්දීය ක්‍රිකට් පිළේ නායකත්වය

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ්, චීනයේ හැංෂු හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්වන ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා නම්කර තිබෙනවා.

මෙම ඉන්දීය සංචිතය සඳහා මේ වනවිට ටෙස්ට් පිටියේ දස්කම් දක්වන යෂස්වි ජයිස්වාල් එක්කර ඇති අතර, කොල්කටා නයිට් රයිඩර්ස් පිළේ රින්කු සිං ද එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

සුපිරි ඉන්දීය පිතිකරු ශිකර් ධවාන් මෙම ක්‍රීඩා උළෙලේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙනු ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ තීරණය කළේ මෙම සංචිතයේ නායකත්වය රුතුරාජ් ගයික්වාඩ්ට ලබාදීමටයි.

ඒ, අනුව 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්වන ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට නම්කර අවසන්.

රුතුරාජ් ගයික්වාඩ් (නායක), යෂස්වි ජයිස්වාල්, රාහුල් ත්‍රිපාති, තිලක් වර්මා, රින්කු සිං, ජිතේෂ් ෂර්මා, වොෂින්ටන් සුන්දර්, ෂාබාස් අහමඩ්, රවී බිෂ්නෝයි, අවේෂ් ඛාන්, අර්ෂ්දීප් ඛාන්, මුකේෂ් කුමාර්, ශිවම් මාවි, ශිවම් ඩුබේ, ප්‍රබ්සිම්රන් සිං එම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් වනවා.

නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මත මෙම සංචිතයේ තෝරාගැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
7
+1
3
+1
0
+1
8
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03