ආසාදිතයින් වෙනුවෙන් කැපවූ වෛද්‍යවරයාගේ මව සහ පියා ව කොවිඩ් මාරයා බිලිගනී

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට මූලිකත්වය ගත් වෛද්‍යවරයාගේ දෙමව්පියන් කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෛද්‍ය චින්තක රත්නසූරිය මහතා එම මධ්‍යස්ථානයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරීයා ලෙසද කටයුතු කරයි.

ඔහුගේ මව සහ පියා කොවිඩ් ආසාදිතව එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව අප වාර්තාකරු පැවසීය.

66 හැවිරිදි මව පෙරේදා (05) දිනයේ මියගොස් තිබූ අතර ඔහුගේ 76 හැවිරිදි පියා අද (07) උදෑසන මියගොස් තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !