ආසාදිතයන් 33 ක් දෙහිඕවිටින්

ඊයේ දිනයේදී දෙහිඕවිට සෞඛ්‍ය නිලධාරීන් කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 33 දෙනෙකු වාර්තා වී තිබේ.

මෙතෙක් එම කොට්ඨාස වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 580 දෙකක් දක්වා ඉහළ ගොස් ඇත. සපුමල්කන්ද වතු යායෙන් ආසාදිතයන් 17 දෙනෙකු ඊයේ වාර්තා වි ඇත. අනෙක් ආසාදිතයන් සියල්ල අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ වාර්තා වී ඇති බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. ඊයේ දිනයේ පස්වරුවේ රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඔවුන් සියළුදෙනාම යොමු කර තිබෙනවා.