ආසන වෙන් කර ගැනීමේ සේවාව නුගේගොඩ දුම්රිය ස්ථානයේත්

මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණක් ක්‍රියාත්මක වූ කැලණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම නුගේගොඩ දුම්රිය ස්ථානයේ දී ද ලබාදීම නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම ආසන වෙන් කරවා ගැනීමේ සේවාව ආරම්භ කරමින් එහි පළමු ප්‍රවේශ පත්‍රය මිලදී ගනු ලැබුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසිනුයි.

මෙම නව සේවාව මඟින් මෙරට ඕනෑම දුම්රිය මාර්ගයකට අදාළ ආසන නුගේගොඩ දුම්රිය ස්ථානය මගින් ද වෙන්කරවා ගැනීමේ හැකියාව මගීන්ට හිමි වනවා.

දෛනිකව විශාල මගීන් පිරිසක් භාවිත කරන නුගේගොඩ දුම්රිය ස්ථානයට මෙම ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම හිමිවීමත් සමග කොළඹ කොටුව, මරදාන වැනි ප්‍රධාන දුම්රිය ස්ථානවලදී ආසන වෙන්කරවා ගැනීමේ දී පවතින තදබදය මගහරවා ගැනීමේ හැකියාව ඇති වන බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එමෙන්ම සීතාවක පුරවරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය උදෙසා ආරම්භ කරන ලද ” සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය ” ලබන 26 වැනි දින සිට ගමන් ඇරඹීමට නියමිත වන අතර ඒ සදහා වන ප්‍රවේශ පත්‍ර ද නුගේගොඩ දුම්රිය ස්ථානය ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථානවලින් වෙන් කරවා ගැනීමේ පහසුකම මේ සමග හිමි වනවා.

ඊට අමතරව මාර්ගගත ක්‍රමයට අනුව ද එම ආසන වෙන් කර ගැනීමේ පහසුකම පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?