ආසන වෙන් කර ගැනීමේ සේවාව නුගේගොඩ දුම්රිය ස්ථානයේත්

මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණක් ක්‍රියාත්මක වූ කැලණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම නුගේගොඩ දුම්රිය ස්ථානයේ දී ද ලබාදීම නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම ආසන වෙන් කරවා ගැනීමේ සේවාව ආරම්භ කරමින් එහි පළමු ප්‍රවේශ පත්‍රය මිලදී ගනු ලැබුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසිනුයි.

මෙම නව සේවාව මඟින් මෙරට ඕනෑම දුම්රිය මාර්ගයකට අදාළ ආසන නුගේගොඩ දුම්රිය ස්ථානය මගින් ද වෙන්කරවා ගැනීමේ හැකියාව මගීන්ට හිමි වනවා.

දෛනිකව විශාල මගීන් පිරිසක් භාවිත කරන නුගේගොඩ දුම්රිය ස්ථානයට මෙම ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම හිමිවීමත් සමග කොළඹ කොටුව, මරදාන වැනි ප්‍රධාන දුම්රිය ස්ථානවලදී ආසන වෙන්කරවා ගැනීමේ දී පවතින තදබදය මගහරවා ගැනීමේ හැකියාව ඇති වන බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එමෙන්ම සීතාවක පුරවරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය උදෙසා ආරම්භ කරන ලද ” සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය ” ලබන 26 වැනි දින සිට ගමන් ඇරඹීමට නියමිත වන අතර ඒ සදහා වන ප්‍රවේශ පත්‍ර ද නුගේගොඩ දුම්රිය ස්ථානය ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථානවලින් වෙන් කරවා ගැනීමේ පහසුකම මේ සමග හිමි වනවා.

ඊට අමතරව මාර්ගගත ක්‍රමයට අනුව ද එම ආසන වෙන් කර ගැනීමේ පහසුකම පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29