ආර්ථික ස්ථායීකරණ අනු කාරක සභාවේ දෙවැනි වාර්තාව ගැන දැනුවත් කිරීමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේ දෙවැනි වාර්තාව පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, තරුණ නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් දැනුවත් කරීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.

මෙම දැනුවත් කිරීම සිදු වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැමිණ සිටි විවිධ පාර්ශ්ව සඳහා මෙම වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳ සඳහන් කිරීම සිදු වුණා.

එසේම මෙම වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව සහ වෙනත් යම් දෙයක් පිළිබඳ කමිටුව දැනුවත් කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා සිදු කරන ලෙසටයි දැනුවත් කෙරුණේ.

එසේම මෙම වාර්තාව සකස්කිරීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ප්‍රවීණයන්ගේ අදහස් ලබාගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම පැමිණ සිටි පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් පිළිබඳ විමසාබැලීමද මෙහිදී සිදුවූ අතර ඒ අනුව අඩු ආදායම්ලාභීන් නගාසිටුවීම, සමෘද්ධි සහනාධාරය ක්‍රමවත්ව ලබාදීම, දුෂ්කර පාසැල්වල දරුවන්ට නොමිලේ ආහාර ලබාදීම, පාසැල් උපකරණ මිල ගණන් ඉහළ යෑම, දැව ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීම, ගුවන් ක්ෂේත්‍රය සහ ධීවර කර්මාන්තය අදී අංශ ගණනාවක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීම සිදු කෙරුණා.

ආර්ථික ස්ථායීකරණ අනු කාරක සභාවේ දෙවැනි වාර්තාවට අදාළව මහජන අදහස් දැක්වීම පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට පිවිස සිදු කරන ලෙස මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහජනතාවට ආරාධනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58