ආර්ථික ඝාතකයින් බවට තීන්දු වූ කිසිවෙකුටත් විශ්‍රාම ගිය පසු වැටුප් හා දීමනා ගෙවන්න එපා ! (නිවේදනය)

‍රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් පිළිබඳ නඩු තීන්දුව සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලවේගය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම බලවේගයේ සභාපති මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ සහ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්කගේ අත්සනින් යුතුවයි මෙම විශේෂ නිවේදනය ලිපියක ආකෘතියෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇත්තේ.

ඒ අනුව එම ලිපිය මගින් දැනුම්දී ඇත්තේ කිසිම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයක් ඉදිරියේ දී වැරදිකරුවන් වූ කිසිවෙකුට සිය තනතුරුවලින් විශ්‍රාම ගිය පසු හිමිවන වරප්‍රසාද ලබා දීම සිදු නොකළ යුතු බවයි.

මෙරට ආර්ථික අර්බුදය පිළිබඳ ව සමගි ජන බලවේගයට අනුබද්ධිත මෙම ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමට අනුව නොවැම්බර් මස 15 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු ඔවුන්ට හිතෛෂී පාලන නඩයේ තවත් සිව්දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටයි අධිකරණය තීරණය කළේ.

මේ හේතුවෙන් ඔවුන් හට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් රුපියල් 150,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එවන් නඩු තීන්දුවක් ලැබී ඇති පසුබිමක, එකී පිරිස දැරූ තනතුරුවලට අදාළ ව විශ්‍රාම ගැනීමෙන් පසුව ලබාදෙන වරප්‍රසාද තවදුරටත් භුක්ති විඳීම සිදු නොවිය යුත්තක් බව ද දූෂණ විරෝධී සංගමය නිකුත් කළ ලිපියෙහි සඳහන්.

එමෙන්ම විශ්‍රාම ගිය ජනාධිපතිවරයාට, තනතුර අතහැර ගිය ජනාධිපතිවරයාට සහ ඉල්ලා අස්වූ මුදල් ඇමතිවරයාට ජනතාවගේ බදු මුදලින් ලබාදෙනු ලබන කිසිදු විශ්‍රාම වැටුපක්, නිල නිවාසයක්, නිල වාහනයක්, ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු ම දීමනා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපති ලේකම්වරයාට යොමු කළ ලිපියෙහි දැක්වෙන්නේ.

තීන්දුවෙන් වරදකරුවන් කර ඇති මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන් දෙදෙනාට සහ මහබැංකු අධිපතිවරුන් හට මහජන බදු මුදලින් ලබාදෙන විශ්‍රාම වැටුප් හා වෙනත් දීමනා ඇත්නම් වහාම ඒවා ද අත්හිටුවන ලෙසටයි ලිපිය මගින් ඉල්ලා ඇත්තේ.

Screenshot 2023 11 17 125214
Screenshot 2023 11 17 125239
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?