ආරක්ෂක සාමාජිකයන්ට නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේලක් දිය යුතු බව අවධාරණය කෙරේ

ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබා දීමට නොහැකි නම් රටක් ලෙස අප අසමත් බැවින් ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව නිසි පෝෂණයක් සහිත ආහාර වේල් ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගත යුතු බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

යුධ හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා අනුමතිය ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

දිනකට කිලෝ කැලරි 3400ක ආහාර වේලක් රාජකාරියේ නියුතු හමුදා සෙබළෙක්ට ලබා දිය යුතු වුව ද වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ එය අභියෝගයක් වී ඇති බවයි මෙම අවස්ථාවට සහභාගී වූ උසස් හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තත්ත්වය හමුදා සෙබලාගේ චිත්ත ධෛර්ය සහ ශාරීරික යෝග්‍යතාව කෙරෙහි බලපෑම් ඇති කරන බව ද ඔවන් පෙන්වා දෙනු ලැබුවා. එසේම 2021 වසරේ සිට මේ දක්වා 30,000කට ආසන්න ප්‍රමාණයක් හමුදාව හැරගොස් ඇති බව ද මෙහිදී හෙළි වුණා.

හමුදා සෙබලුන්ගේ ආහාරපාන පිළිබඳව සාවද්‍ය මත සමාජ ගත වන පසුබිමක එහි සැබෑ තත්ත්වය දැන ගත යුතු බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.

යුධ හමුදා මූලස්ථානය ඉදිකිරීම සම්බන්ධ වියදම් පිළිබඳව ද අවධානය යොමු වූ අතර එහිදී පෙර ඇස්තමේන්තුගත මුදල, නව ඇස්තමේන්තු මුදල සහ මෙතෙක් වැය වී ඇති මුදල් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දීම සිදු කෙරුණා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප් සහ දීමනාවලට අදාළ යෝජනාව ද මෙම කාරක සභාවේදී නැවත සලකා බලා තිබෙනවා.

මෙහිදී කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප් ‍අභියාචනා විනිසුරුවරුවරුන්ගේ වැටුප් තල හා සමාන බවට තොරතුරු කාරක සභාව වෙත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කිරීම සිදු වුණා. කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේ දූෂණ විරෝධි පනත අනුව පිහිටුවන මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙරට සුවිශේෂි කාර්යයක් ඉටුකරන තනතුරක් බැවින් ඒ සදහා මෙම වැටුප් තල පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි වුවද පවතින තාක්ෂණික කරුණු නිසා අකමැත්තෙන් වුවද අනුමතිය ලබා දෙන බවයි.

ආනයන සීමා කිරීම් හෝ බදු නොගෙවීම හේතුවෙන් රේගුවෙන් නිෂ්කාශනය නොකළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෝටර් රථ නිදහස් කිරීමට ප්‍රතිපාදන යෝජනා කරන 2018 අංක 35 දරන මුදල් පනත සහ 2012 අංක 12 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ මුදල් පනත් කෙටුම්පත ද මෙහිදී නැවත සළකා බැලුනා.

ආනයන අපනයන පාලන පනත යටතේ 2020 මැයි 22 දිනැති අංක 2176/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෝටර් රථ ආනයනය අත්හිටුවීමෙන් පසු ආනයනය කිරීම සහ ණයවර (LC) විවෘත කිරීම සම්බන්ධයෙන් පැන නගින කරුණු සැලකිල්ලට ගෙන, ආනයනය කරන ලද වාහන 263ක් රේගුවෙන් නිදහස් කිරීමට අදාළව ඇති ප්‍රතිපාදන පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර කමිටුව මගින් ලබාදුන් උපදෙස් පරිදි පැහැදිළි කිරීම් නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා.

මේ අනුව රජයට උපරිම ආදායම් ලැබීමට වඩා වාසිදායක වන්නේ ආනයන අපනයන පාලන ජනරාල්වරිය විසින් පෙර නිකුත් කර ඇති චක්‍රලේඛය වෙනස් කිරීමෙන් බදු ආදායම අයකර මෙම වාහන නිදහස් කිරීම ද නොඑසේනම් මෙම වාහන නීති විරෝධි ලෙස ගෙන්වු වාහන ලෙස සලකා වෙන්දේසි කිරීම ද යන්න පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර අන්තර් සම්බන්ධතාවක් තවමත් සකස් කර නොතිබිම පිළිබඳව සාකච්ඡා කෙරුණා. මෙම හේතුවෙන් බදු අඩු කාණ්ඩයක් යටතේ ගෙන්වන වාහන වෙනත් කාණ්ඩයක් යටතේ ලියාපදිංචි කිරීම සිදුවන බවයි සාකච්ඡා වූයේ.

මේ අනුව මෙම වාහන රේගුවෙන් ‍ගෙන්වා ඇති කාණ්ඩය සහ ලියාපදිංචි කරන ලද වාහන කාණ්ඩය සඳහන් කරමින් සියලුම දත්ත කාරක සභාවට මාස තුනක් තුළ දන්වා සිටින ලෙස නියෝග කර තිබෙනවා. එමගින් රේගුව හරහා ගෙන්වන වාහන කාණ්ඩය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සිදුකර ඇති කාණ්ඩය අතර වෙනසක් තිබේද යන්න තහවුරු කර ගත හැකි බවයි කමිටුව පෙන්වා දෙනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44