ආබාධිත පුරවැසියන් සඳහා ඉදි වූ බහුකාර්ය ගොඩනැගිල්ල අගමැතිතුමිය අතින් විවෘත වෙයි

සුව කළ නොහැකි අබාධිතයන් සඳහා වූ රාජගිරිය වික්ටෝරියා නිවාසයේ නේවාසිකයන්ගේ සුබ සිද්ධිය සඳහා අභිනවයෙන් ඉදිකෙරුණු බහු කාර්ය ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය තුමියගේ සුරතින් අද (06) විවෘත කෙරුණා.

අබාධයට ලක්ව සිටින අයවලුන් වෙතට රෝදපුටු පරිත්‍යාගයක් සඳහාද එක වූ අගමැතිවරිය වැඩසටහනෙන් අනතුරුව ආබාධිතයන් සමඟ සුහද කතාබහක නිරත වුණා.

උත්සවය අමතා අදහස් පළ කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ආබාධිත පුරවැසියන් රැකගැනීම සඳහා රජය කැපවෙන බවට පවසා සිටියා.

“මේ වික්ටෝරියා නිවාසය අපි හැමෝටම හුරු දන්න තැනක්, මමත් ලැජ්ජ වෙන්න ඕන,එතනින් කොච්චර ගියත් ඒක ඇතුලට මම ආපු මේ පළවෙනි අවස්ථාව,

මේකෙ ඉන්න මේ සියලු දෙනා, මේ රටේ වැසියාන් ඔබ සියලු දෙනාට මේ රටේ අනෙකුත් සියලු දෙනාට තියෙන අයිතිවාසිකම් තියෙන්න ඕන මේ නිසා ඔබ අතරමං කරන්න මේ රජය කිසිසේත් කටයුතු කරන්නේ නෑ, මේ භූමිය විශාල වටිනාකමක් තියෙන භූමියක්, මේ භූමිය අත්පත් කරගන්න කෙළ හලාගෙන හිටපු කට්ටියක් හිටියා මේ භූමිය ඒ තරම් වටිනාකම ස්ථානයක්, මේක ඔබේ බිම මේක රැක ගන්න අපි සියලු දෙනා කටයුතු කරනවා,.

අපි සියලු දෙනාටම තියෙන්නේ එකම අවශ්‍යතාව මෙන්න මේ නිසා අපේ ආණ්ඩුව සියලු දෙනාට සමානව සලකන ආණ්ඩුවක් සැමට සලකන සමාජයක් ගොඩනගන්න තමයි අපි උත්සාහ කරන්නේ.” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය අදහස් පළ කරමින් පවසා සිටියා.

චතුරංග අබේසිංහ චන්දන සූරිය ආරච්චි සහ ලක්ෂ්මන් නිපුනාරච්චි ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10