දිට්වා සුළි කුණාටුවෙන් පසු හටගත් දුෂ්කරතාවලට කඩිනම් ක්‍රියාමාර්ග ලබා ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි 12 සිට 20 දක්වා පවත්වන බවට නිවේදනය කරනු ලැබුවා.
මෙම අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩිජිටල් ඉගෙනුම් වේදිකා ශක්තිමත් කර ඇති බව එම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා .
ඒ අනුව සිසුන්ට ඕනෑම ස්ථානයක සිට විෂය කරුණු සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ වීමට හැකි වන පරිදි, ජාතික ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් වේදිකාව වන ඊ-තක්සලාව (E-thaksalawa) සඳහා ප්‍රවේශය වැඩි දියුණු කර ඇති බවයි පැවසෙන්නේ.
ඉදිරියේදී, සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ද මෙවැනි ඩිජිටල් ඉගෙනුම් සම්පත් 2026 පෙබරවාරි මාසයේ සිට ලබා දීමට නියමිත බවටද වාර්තා වනවා.





