ආපදාවට පත් විදේශීය යාත්‍රාවක් නිරුපද්‍රිතව රැගෙන ඒමට නාවික හමුදා සහාය

සමුද්‍රීය පර්යේෂණ කාර්යයක නිරත වෙමින් සිටියදී, දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදේදී ආපදාවට පත්වූ නවසීලන්තයට අයත් ‘Little Donkey’ නැමැති පැදි යාත්‍රාව එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ අළුත්වැඩියාව සඳහා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC – Colombo) සම්බන්ධීකරණයෙන්.

පර්යේෂණ කාර්යයක් සඳහා බෙංගාල බොක්ක මුහුදු තීරය තුළින් ක්ෂුද්‍ර ජීවි සාම්පල ලබා ගැනීම සඳහා තායිලන්තයේ සිට පැමිණි (To collect high quality microbiological samples for DNA analysis to support Ocean Health Baseline global assessment) පැදි යාත්‍රාවක, පැදි පද්ධතියේ (Pedal based rowing system) ඇති වූ දෝෂයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු රැගත් එම යාත්‍රාව, මෙරට සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් කළාපය තුලදී ආපදාවට පත් වී තිබුණා.

එම යාත්‍රාව යථා තත්වයට පත් කිරීම සඳහා ගොඩබිම වෙත ඇදගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙසට, එහි දේශීය නි‍යෝජිතයින් මඟින් මෙරට, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට, නාවික හමුදාපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන තිබුණා.

ඒ අනුව, එම වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ආපදාවට පත් එම පැදි යාත්‍රාව සහ එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනා ඊයේ රාත්‍රිය වන විට නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස ආපදාවට පත් වූ විදේශිය යාත්‍රා 35ක් වෙත පසුගිය 2022 වසරේදී කොළඹ – සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සහන සැලසීමට ක‍ටයුතු කර ඇති බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?