ආපදාවට පත් විදේශීය යාත්‍රාවක් නිරුපද්‍රිතව රැගෙන ඒමට නාවික හමුදා සහාය

සමුද්‍රීය පර්යේෂණ කාර්යයක නිරත වෙමින් සිටියදී, දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදේදී ආපදාවට පත්වූ නවසීලන්තයට අයත් ‘Little Donkey’ නැමැති පැදි යාත්‍රාව එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ අළුත්වැඩියාව සඳහා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC – Colombo) සම්බන්ධීකරණයෙන්.

පර්යේෂණ කාර්යයක් සඳහා බෙංගාල බොක්ක මුහුදු තීරය තුළින් ක්ෂුද්‍ර ජීවි සාම්පල ලබා ගැනීම සඳහා තායිලන්තයේ සිට පැමිණි (To collect high quality microbiological samples for DNA analysis to support Ocean Health Baseline global assessment) පැදි යාත්‍රාවක, පැදි පද්ධතියේ (Pedal based rowing system) ඇති වූ දෝෂයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු රැගත් එම යාත්‍රාව, මෙරට සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් කළාපය තුලදී ආපදාවට පත් වී තිබුණා.

එම යාත්‍රාව යථා තත්වයට පත් කිරීම සඳහා ගොඩබිම වෙත ඇදගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙසට, එහි දේශීය නි‍යෝජිතයින් මඟින් මෙරට, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට, නාවික හමුදාපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන තිබුණා.

ඒ අනුව, එම වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ආපදාවට පත් එම පැදි යාත්‍රාව සහ එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනා ඊයේ රාත්‍රිය වන විට නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස ආපදාවට පත් වූ විදේශිය යාත්‍රා 35ක් වෙත පසුගිය 2022 වසරේදී කොළඹ – සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සහන සැලසීමට ක‍ටයුතු කර ඇති බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56