ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ නතාෂා රටින් පිටවීමට සැරසෙද්දී අත්අඩංගුවට

කොළඹදී පැවති වැඩසටහනකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපොළේදීයි.

ඇය වැඩිදුර විමර්ශන සඳහා භාර දී ඇත්තේ පරිඝණක අපරාධ විමර්ශන අංශය වෙතටයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නතාෂා එදිරිසූරිය නම් මෙම කාන්තාව අද (28) අලුයම 01.20ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ රැඳී සිටියදී මෙලෙස අත් අඩංගුවට පත්වී තිබෙනවා.

මේ වනවිට මෙම කාන්තාව නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවල දැක්වෙන්නේ මෙම කාන්තාව තම ඉදිරිපත් කිරීම ආරම්භයේ සිටම බෞද්ධ ආගමට, කිතුණු ආගමට හා ඉස්ලාම් ආගමට අපහාස කරමින් නරඹන්නන් සිනහා ගැන්වීමට කටයුතු කරන ආකාරයයි.

ප්‍රේක්ෂකාගාරය ද ඊට ප්‍රතිචාර දක්වන්නේ හාඬ නගා සිනහා වෙමින්. මෙම කාන්තාව තම ඉදිරිපත් කිරීම ඔස්සේ බෞද්ධ පාසල් ද ප්‍රසිද්ධියේ බරපතළ ලෙස විවේචනය කරනවා.

අදාළ කාන්තාව සහ ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා සමාජ මාධ්‍යය ඔස්සේ පසුගියදා පැවසුවේ, එම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

කෙසේවෙතත් මෙවැනි ප්‍රකාශ සිදුකර පසුව සමාජයෙන් විරෝධතා මතුවෙද්දී සමාව ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව පවසමින් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති මෙම කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසිනුයි.

මේ අතර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ මෙම කාන්තාවට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර ඇති අතර ඒ පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ විසින්.

සියලු ආගම්වලට අපහාස කරන මෙම කාන්තාව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි පැමිණිලි පාර්ශව සඳහන් කළේ.

මේ අතර මෝඩාභිමානය නමින් සංවිධාන කර තිබූ මෙම වැඩසටහන සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශණ කටයුතු සිදු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
57
+1
12
+1
187
+1
12
+1
4
+1
12
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?