ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ නතාෂා රටින් පිටවීමට සැරසෙද්දී අත්අඩංගුවට

කොළඹදී පැවති වැඩසටහනකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපොළේදීයි.

ඇය වැඩිදුර විමර්ශන සඳහා භාර දී ඇත්තේ පරිඝණක අපරාධ විමර්ශන අංශය වෙතටයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නතාෂා එදිරිසූරිය නම් මෙම කාන්තාව අද (28) අලුයම 01.20ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ රැඳී සිටියදී මෙලෙස අත් අඩංගුවට පත්වී තිබෙනවා.

මේ වනවිට මෙම කාන්තාව නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවල දැක්වෙන්නේ මෙම කාන්තාව තම ඉදිරිපත් කිරීම ආරම්භයේ සිටම බෞද්ධ ආගමට, කිතුණු ආගමට හා ඉස්ලාම් ආගමට අපහාස කරමින් නරඹන්නන් සිනහා ගැන්වීමට කටයුතු කරන ආකාරයයි.

ප්‍රේක්ෂකාගාරය ද ඊට ප්‍රතිචාර දක්වන්නේ හාඬ නගා සිනහා වෙමින්. මෙම කාන්තාව තම ඉදිරිපත් කිරීම ඔස්සේ බෞද්ධ පාසල් ද ප්‍රසිද්ධියේ බරපතළ ලෙස විවේචනය කරනවා.

අදාළ කාන්තාව සහ ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා සමාජ මාධ්‍යය ඔස්සේ පසුගියදා පැවසුවේ, එම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

කෙසේවෙතත් මෙවැනි ප්‍රකාශ සිදුකර පසුව සමාජයෙන් විරෝධතා මතුවෙද්දී සමාව ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව පවසමින් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති මෙම කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසිනුයි.

මේ අතර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ මෙම කාන්තාවට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර ඇති අතර ඒ පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ විසින්.

සියලු ආගම්වලට අපහාස කරන මෙම කාන්තාව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි පැමිණිලි පාර්ශව සඳහන් කළේ.

මේ අතර මෝඩාභිමානය නමින් සංවිධාන කර තිබූ මෙම වැඩසටහන සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශණ කටයුතු සිදු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46