දුරකතන රැහැන් සොරකමට පුරුදු වූ කල්ලියක් මාරවිලදී අත්අඩංගුවට

විදුලි රැහැන් හා දුරකතන රැහැන් සොරකම් කිරීමේ අපරාධ 09ක් සම්බන්ධයෙන් මාරවිල පොලිස් ස්ථානයට ලද පැමිණිලි මත මාරවිල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව 2026.10.30 දින උදෑසන මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාරවිල ප්‍රදේශයේදී මෙම සොරකම් වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සොරකම් කරන ලද දේපල කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 28, 29 හා 33 වයස්වල පසුවන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මාරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.