කැප්පෙටිපොල නිධන් සොයමින් සිටි පිරිසක් පොලිසියෙන් අත්අඩංගුවට

කැප්පෙටිපොල පොලිස් වසමේ ගල්පීල්ල ප්‍රදේශයේදී කැප්පෙටිපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (30) දින දහවල් වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවිමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ, පූජා භාණ්ඩ හා කාර් රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 32,39 හා 45 යන වයස්වල පසුවන බිබිල, දෙල්ගොඩ හා ඌරාපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

කැප්පෙටිපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.