ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් 323 සහ පද්මෙගේ රසායනික ද්‍රව්‍ය බහලුම් දෙක අතර සම්බන්ධයක් නැහැ – පොලිසිය

ආන්දෝලනයට තුඩු දුන් වරායෙන් නිදහස් කළ බහාලුම් 323 සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට රසායනික ද්‍රව්‍ය ගෙන ආ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.

මිද්දෙණිය, තලාව ප්‍රදේශයෙන් සොයාගත් අදාළ බහාලුම් දෙකේ අංක සහ ආන්දෝලනයට තුඩු දී ඇති වරායෙන් නිදහස් කළ බහාලුම් 323ට අදාළ අංක අතර කිසිදු සමානකමක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද (06) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
21
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?