ආනයනය තහනම් කර ඇති වටිනා භාණ්ඩ තොගයක් මෙරටට ගෙන ආ මගීන් සයදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය ව නිෂ්පාදිත විස්කි, එනසාල්, දුරකථන, ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වෙන් වූ රක්ත මාවත ඔස්සේ පිට කරගෙන යමින් සිටි ගුවන් මගීන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර කොළඹ – 13, කොළඹ – 15, කොළඹ – හෙට්ටිවීදිය, හැටන් – කොටගල, වත්තල – හේකිත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් සහ ඉන්දීය ජාතිකයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයින් අද (11) අලුයම 04.30 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ විවිධ වර්ගවල විස්කි සහ වොඩ්කා බෝතල් 159ක්, මෙරටට ආනයනය තහනම් කර ඇති එනසාල් කිලෝග්‍රෑම් 05ක්, චොක්ලට්, ස්වර්ණාභරණ ලෙස සකස් කළ ආභරණ තොගයක්, සුදු යකඩ මුදු , මාල තොගයක් , ස්ථාවර දුරකථන සහ කමීස තොගයක් ද ඇති බවයි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?