ආනයනය තහනම් කර ඇති වටිනා භාණ්ඩ තොගයක් මෙරටට ගෙන ආ මගීන් සයදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය ව නිෂ්පාදිත විස්කි, එනසාල්, දුරකථන, ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වෙන් වූ රක්ත මාවත ඔස්සේ පිට කරගෙන යමින් සිටි ගුවන් මගීන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර කොළඹ – 13, කොළඹ – 15, කොළඹ – හෙට්ටිවීදිය, හැටන් – කොටගල, වත්තල – හේකිත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් සහ ඉන්දීය ජාතිකයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයින් අද (11) අලුයම 04.30 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ විවිධ වර්ගවල විස්කි සහ වොඩ්කා බෝතල් 159ක්, මෙරටට ආනයනය තහනම් කර ඇති එනසාල් කිලෝග්‍රෑම් 05ක්, චොක්ලට්, ස්වර්ණාභරණ ලෙස සකස් කළ ආභරණ තොගයක්, සුදු යකඩ මුදු , මාල තොගයක් , ස්ථාවර දුරකථන සහ කමීස තොගයක් ද ඇති බවයි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න රනිල් එයි - ශවේන්ද්‍ර සිල්වාත් එක්වෙයි
02:39
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ඇති පෙට්ටිය විවෘත කරන්න හදද්දිම වෙච්ච දේ..
00:51
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් හිටපු පොලිස්පතිගේ දේහය මල් ශාලාවට
02:05
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47
Video thumbnail
අක්කර 20ක් වඩා විනාශ කළ කඳු රක්ෂිතයේ ගින්න
01:30
Video thumbnail
පොහොසත් රටක් නෑ, පොහොසත් ආණ්ඩුවක් තියෙන්නේ
07:58
Video thumbnail
ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සරය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් සමරයි
01:29
Video thumbnail
නාමල්, ජනපති අනුරට දාපු කින්ඩිය - 75%ක් ජනපතිට කැමතියි ලු, හිනාවෙන්න එපා
11:46
Video thumbnail
නාමල්ගේ ගමනට පොලිස් නිලධාරියෙක් හරස් වෙයි
01:38