ආධාර දීමට නම්; සටන් විරාමයකට එන්න – ලෝක නායකයෝ කියති

ගාසා තීරයට ආධාර ලබාදීමට නම් ; ඊශ්‍රායලය සහ හමාස් සිය අවි බිම හෙළා වහාම සටන් විරාමයකට පිවිසිය යුතු බව ලෝක නායකයින් අවධාරණය කර තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ දෙපාර්ශ්වයක් එක් ව සිදු කරනු ලබන මෙම යුද්ධයෙන් මේ වනවිට සිවිල් වැසියන් දහස් ගණනක් පීඩා විඳින බවටයි එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සභාපති ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ.

එය තමන් දැඩි ලෙස හෙළා දකින බවත්, මේ වනවිට දෛනික ව ගාසා තීරයේ ඇවිළෙන යුද ගැටුම් හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

ඊශ්‍රායලය පවසන්නේ තමන්ට පසුගියදා 09 වැනිදා එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත සඳහා මෙලෙස වාරුව ගන්නා බවයි.

හමාස් සංවිධානය විසින් ද ඊයේ දිනයේ දී බටහිර ඉවුරට දැවැන්ත රොකට් ප්‍රහාර එල්ල කර බවට ද ඊශ්‍රායලය චෝදනා කර සිටිනවා.

ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේවෙතත් ගාසා තීරයේ මේ වනවිට පලස්තීනුවන් විශාල වශයෙන් දැඩි පීඩාවකින් ජීවත් වන බවත්, ඔවුන්ට ආධාර ලබාදීමට ඊශ්‍රායලයට සහ පලස්තීනයට සටන් විරාමයකට එන ලෙසටයි අමෙරිකාව සහ රුසියාව ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?