ආධාර අස්සේ කොවිඩ් රිංගු රාජ්‍යය වසා දමයි

ටොංගා දූපත් රාජ්‍යය වසා දැමීමට එහි අග්‍රාමාත්‍ය සයෝසි ස්වලේනි තීරණය කර තිබෙනවා. ඒ, ටොංගා රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව අද සවස 06 සිට ටොංගා රාජ්‍යය අගුළු දමන බවයි එරට අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. රට වසා දැමීමෙන් අනතුරුව සෑම පැය 48 කට වරක් තත්ත්වය සමාලෝචනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ටොංගා රාජ්‍යය පැවතුනේ කොරෝනා ආසාදිතයින් නොමැති අතලොස්සක් වූ රටවල් අතරයි. එහෙත් ප්‍රබල ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් ඉකුත් දා බලපෑ දරුණු සුනාමි තත්ත්වය හමුවේ ටොංගා දූපත්වලට විදෙස් රටවල මානුෂීය ආධාර ලබා ගැනීමට සිදුවුණා. ඒ, එම දූපත් වැසියන්ට පානීය ජලය හා ආහාර නොමැතිවීම හේතුවෙන්.

ඒ අනුව ඔස්ටේ්‍රලියාව හා නවසීලන්තය ප්‍රධාන තවත් රටවල් රැසක් ටොංගා රාජ්‍යයට මානුෂීය ආධාර ලබාදීමට ඉදිරිපත් වූ අතර රටවල් රැසකින් ආධාර රැගත් විශාල නෞකා ටොංගා දූපත් වෙත ලගා වුණේ ඒ අනුවයි. එහිදී ටොංගා රාජ්‍යයේ අගනුවර වරායකින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එබැවින් වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙලෙස රට වසා දැමීමට තීරණය කළ බවයි එරට අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. විදෙස් රටවලින් ලැබෙන ආධාර කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන පරිදි බෙදා හැරීමටත් ටොංගා රාජ්‍යය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ටොංගා රාජ්‍යයේ දූපත් අගුළු දැමීමත් සමග කිසිදු බෝට්ටුවකට එක් දූපතක සිට තවත් දූපතකට යාමට ඉඩ නොදෙන අතර, දූපතකින් දූපතකට ගුවන් යානා පියාසර කිරීමට ද අවසර හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10