Empty Ad
AFC Banner
Empty Ad

ආධාරකරුවන් විරෝධතා කරද්දී බ්‍රසීල හිටපු ජනපති රෝහල්ගත වෙයි

අන්ත දක්ෂිනාංශික පාලකයෙකු ලෙසට සැලකෙන බ්‍රසීල හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ රෝහල් ගත කර තිබෙනවා.

උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ඔහු ෆ්ලොරිඩාවේ රෝහලකට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගත වූ සති අන්තයේ ඔහුගේ ආධාරකරුවන් 1500ක් පමණ බ්‍රසීල අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රධාන ගොඩනැගිලිවලට පහර දී කලහකාරී තත්ත්වයක් ද නිර්මාණය වුණා.

ඔක්තෝම්බර් මස පැවති මැතිවරණයෙන් බොල්සොනාරෝ පරාජය කිරීමෙන් පසු ජනවාරි 01 වන දින බලයට පත් වූ වාමාංශිකයෙකු වන ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අවධාරණය කළේ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවයි.

කැරළිකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය පෙරලා දැමීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළා.

රාජ්‍ය ආයතනවලට එල්ල වූ දරුණුතම ප්‍රහාරයේ දී මැර පිරිස් කොන්ග්‍රසය, ශ්‍රේෂ්ඨාධිකරනය සහ ජනාධිපති කාර්යාලයට කඩා වැදී ජනෙල්, ගෘහ භාණ්ඩ සහ කලා නිර්මාණ කඩා බිඳ දැමූවා.

නිල කාලය අවසන් වීමට දින කිහිපයකට පෙර එක්සත් ජනපදයට පළා ගිය බොල්සොනාරෝ සඳුදා ඔර්ලන්ඩෝ හි රෝහලකට ඇතුලත් වී ඇත්තේ 2018 වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී සිදුවූ පිහි ඇනුමකට සම්බන්ධ බඩවැලේ වේදනාවක් ගැන සඳහන් කරමින්.

කෙසේවෙතත් ඔහුගේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට බඩවැල් ආශ්‍රිතව අවහිරයක් ඇති අතර එය බරපතල නොවන බැවින් ශල්‍යකර්මයක් අවශ්‍ය නොවන බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බොල්සොනාරෝ කියා සිටියේ තමා ජනවාරි අවසානය දක්වා එක්සත් ජනපදයේ රැඳී සිටීමට සැලසුම් කර තිබුණ ද පවතින අසනීප තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් හමුවීමට ඉක්මනින් නැවත බ්‍රසීලයට යාමට සැලසුම් කර ඇති බවයි.

ඒ බ්‍රසීලයේ වෛද්‍යවරුන් තමාගේ තුවාලය හේතුවෙන් පවතින බඩවැල් අවහිරතා පිළිබඳ හොඳින් දැනුවත්ව සිටීම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?