ආණ්ඩු මාරුව ගැන අනුරගෙන් සැර ප්‍රකාශයක්

ආණ්ඩු මාරුවකින් හෝ මුහුණු මාරුවකින් පමණක් රට මුහුණදී ඇති ප්‍රශ්න විසඳිය නොහැකි බව කෑගල්ලේ පැවැති වැඩසටහනකදී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

“තවදුරටත් හුදු ආණ්ඩු මාරුවකින් හෝ මුහුණු මාරුවකින් විතරක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මේ ප්‍රශ්නය විසඳන්න නම් අපේ රටේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ. සමාජයේ සාමුහිකත්වය, රටේ නිෂ්පාදනයට ජනතාව හවුල්වීම සහ නිෂ්පාදනයේ සාධාරණ පංගුව ජනතාවට ගලායෑමේ නව ආර්ථිකයකට අපේ රට පරිවර්තනය කරන්න ඕනේ. එහෙම නැතුව මේ රට හදන්න බෑ.”

“ඇමතිවරුන්ගේ ලයිට්බිල 119,000යි, 120,000යි. මාසේ ලයිට් බිල. ආණ්ඩුවෙන් ගෙවන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.”

“අපේ රටේ දේශපාලකයා මහජනයාට උඩින් වරප්‍රසාද ගන්නවා. ජනතාවගේ ධනය නාස්ති කරන ආණ්ඩු ක්‍රමයක් තියෙන්නේ.”

“මේ රට හදන්න නම් පුරවැසියට දැනෙන්න ඕන දේශපාලකයා මේ වැඩේට ලෑස්තියි කියලා. එහෙම දැනෙන්න නම් දේශපාලකයා තමන්ගේ වරදාන වරප්‍රසාද අයින් කරන දේශපාලනයක් ඕනේ. ඒක අපි කරනවා.”

“මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප, මන්ත්‍රි වාහන බලපත්‍ර, ඇමතිවරුට දෙන නිවාස, ජනාධිපතිවරුන්ගේ හතරවටේ තියෙන නිවාස, හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ඔක්කොම නතර කරන තීන්දුවක් ගන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?