ආණ්ඩු මාරුව ගැන අනුරගෙන් සැර ප්‍රකාශයක්

ආණ්ඩු මාරුවකින් හෝ මුහුණු මාරුවකින් පමණක් රට මුහුණදී ඇති ප්‍රශ්න විසඳිය නොහැකි බව කෑගල්ලේ පැවැති වැඩසටහනකදී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

“තවදුරටත් හුදු ආණ්ඩු මාරුවකින් හෝ මුහුණු මාරුවකින් විතරක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මේ ප්‍රශ්නය විසඳන්න නම් අපේ රටේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ. සමාජයේ සාමුහිකත්වය, රටේ නිෂ්පාදනයට ජනතාව හවුල්වීම සහ නිෂ්පාදනයේ සාධාරණ පංගුව ජනතාවට ගලායෑමේ නව ආර්ථිකයකට අපේ රට පරිවර්තනය කරන්න ඕනේ. එහෙම නැතුව මේ රට හදන්න බෑ.”

“ඇමතිවරුන්ගේ ලයිට්බිල 119,000යි, 120,000යි. මාසේ ලයිට් බිල. ආණ්ඩුවෙන් ගෙවන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.”

“අපේ රටේ දේශපාලකයා මහජනයාට උඩින් වරප්‍රසාද ගන්නවා. ජනතාවගේ ධනය නාස්ති කරන ආණ්ඩු ක්‍රමයක් තියෙන්නේ.”

“මේ රට හදන්න නම් පුරවැසියට දැනෙන්න ඕන දේශපාලකයා මේ වැඩේට ලෑස්තියි කියලා. එහෙම දැනෙන්න නම් දේශපාලකයා තමන්ගේ වරදාන වරප්‍රසාද අයින් කරන දේශපාලනයක් ඕනේ. ඒක අපි කරනවා.”

“මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප, මන්ත්‍රි වාහන බලපත්‍ර, ඇමතිවරුට දෙන නිවාස, ජනාධිපතිවරුන්ගේ හතරවටේ තියෙන නිවාස, හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ඔක්කොම නතර කරන තීන්දුවක් ගන්නවා.”

  1. පොඩ්ඩක් කල්පනා කරල බලන්න ….අන්රයිය කොච්චර රටට ජනතාවට ආදරේද කියනවනං පැලවත්තෙ පක්ස මූලස්ථානෙ උඩ තියෙන චූටි පෙන්ත්හවුස් එහෙක ඉන්නෙ …!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18