ආණ්ඩු පෙරළියක් අත ළඟ

තාක්ෂණයේ දියුණුව මෙන් මාධ්‍ය මර්ධනය කිරීම සඳහා නව ක්‍රම වර්ථමානයේ භාවිත කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ තෙවන දිනය සඳහා අද (25දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මේ බව හෙතෙම සඳහන් කළේය.

එහදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා,

“මේ රට තුල පුරවැසි නිදහස තිබෙනවාද කියලා කල්පනා කරන්න වටිනවා. ජනමාධ්‍යයෙන් පුරවැසියාගේ නිදහසට, තොරතුරු දැන ගැනීමේ අයිතියට රසාස්වාදයට පමණක් නෙවෙයි සමස්ථ ජීවිතයටම එල්ල වන බලපෑම අපි වැඩි වශයෙන් දැක්කා පසුගිය කෝවිඩ් කාලයේ ලොක්ඩවුන් වෙලා තිබෙන වෙලාවේ.

රජයේ පාර්ශවයෙන් කියන්නේ අපි එක වෙඩි උන්ඩයක් එල්ල කරලා නෑ, අපි වතුර ගහලා නෑ, කදුලු ගෑස් ගහලා නෑ කියලා. නමුත් අද මේ මාධ්‍ය මර්දනය කිරීම සඳහා මේ රජය භාවිතා කරන ක්‍රමය අලුත් කරලා තිබෙනවා. 2015ට පෙර තමයි සුදුවෑන් ගෙනල්ලා මාධ්‍යවේදීන ඉස්සුවේ.

මාධ්‍ය ආයතන වලට බෝම්බ ප්‍රහාර ගැහුවේ. එහෙම නැතිනම් මාද්‍ය වේදීන්ව ඝාතනය කළේ. දැන් ඒ ක්‍රමය අලුත් තාක්ෂණය වගේ අලුත් ක්‍රමයකට භාවිතා කරලා තිබෙනවා. මේ ක්‍රම දෙකෙන් පළමු ක්‍රමය තමයි සමාජ මාධ්‍ය පරිශීලකයන් වගේම, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් කරුණු වාර්ථා කිරීම සම්බන්දව සී.අයි.ඩී එකට ගෙන්වා මානසිකය බිය ගන්වා ප්‍රවෘත්ති වාරණයකට ලක් කරන තැනකට මේ ආණ්ඩුව පත් කරලා තිබෙනවා.

අනිත් එක මේ මාධ්‍ය ආයතන වලට ව්‍යංගාර්තයෙන් බෝම්බ ප්‍රහාර වෙනුවට, ගිණිතැබීම් වෙනුවට වෙළද දැන්වීම් හරහා එල්ල කරන ප්‍රහාරය. රජයේ ආයතන වලින් වෙළද දැන්වීම් ලබා දෙනකොට ආණ්ඩුවේ ක්‍රටීරියා එකක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩු පෙරලියක් අත ළග. ඉදිරියේදී ඒ පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු නොකල අයට ඒ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවෙන්න.

සමාජ මාධ්‍ය පරිශීලකයන්ව ගෙන්වීමේ තිබෙන භයානක කම මොකක්ද. අද ජනමාධ්‍යයෙන් මේ තොරතුරු වසන් කරලා තිබෙන වෙලාවේ රටේ සහ ආණ්ඩුවේ සිදුවන දේවල් ජනතාවට දැන ගැනීමේ අයිතියක් තිබෙනවා. මේ හංගන තොරතුරු සමාජ මාධ්‍ය වලින් තමයි එළියට එන්නේ. මේ සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් වැහුවා කියන්නේ මේ රටම ආරක්ෂිත කලාපයක් වගේ ප්‍රවෘත්ති එලියට එන්නේ නැති තත්ත්වයකට පත්වෙනවා. අපි විපක්ෂය ලෙස පැහැදිලිවම අපේ විරෝධය පළ කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27