ආණ්ඩුව සිදුකල දෙකේ පංතියේ වැඩක් ගැන දයාසිරි හෙලිකරයි

පවතින දේශපාලන අර්බුධය හමුවේ මුදල් වලට මන්ත්‍රීවරුන් මිළදී ගැනීමේ පහත් ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එකමුතුව පවසයි.

ඔවුන් පවස්නේ එම ක්‍රියාවලියට සහ සමස්ථ ආණ්ඩුවට එරෙහිව ඉතා දැඩි තීන්දු තීරණ රැසක් මේ වනවිට ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධනේ සාකච්ඡා කිරීම සදහා පක්ෂ 11 නියෝජිතයින් ඊයේ විශේෂ රැස්විමක් කැදවා තිබූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකිවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙලෙස පැවසීය.

දෙකේ පන්තියේ වැඩක්නේ කළේ. අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න අපි යෝජනාවක් ගෙනාවා. එ ගැන අපි ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවක් කළා. ඊයේ පාරවල් හදන සල්ලි වලින් අපේ එක මිනිහෙක්ව අරගත්තා. නම්බුනාම දෙන්න කලින් ජනාධිපතිතුමා දැනගන්න ඔනේ, මේ නම්බුනාම දෙනනේ කාටද කියලා. ඔළුගෙඩි මාරු කරලා, 113ක් හදලා ආණ්ඩු ගෙනියන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක්. තව මාස දෙක තුනක් යනකොට මේ රට ගිනිගන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?