AFC Banner
AFC Banner
Empty Ad

ආණ්ඩුවේ හැමදේටම සන්ධානයේ අය වගකියන්න ඕනේ – නාමල් රාජපක්ෂ

“සන්ධානයේ සමහර පාර්ශවයන් බොහෝ වෙලාවට උත්සාහ කරනවා ආණ්ඩුව කරන ඒවට ඒ අය සම්බන්ධ නැහැ කියන්න. අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැම දේකටම මේ සන්ධානයේ සියලුදෙනා වගකියන්න ඕනෑ” යැයි ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි වීරකැටිය බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

“ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් විදියට අපි හදල තිබුණත් පොහොට්ටුවේ බලමණ්ඩලයට කැඳෙව්වේ මොකද අපි පක්ෂයක් විදියටත් ශක්තිමත් වෙන්න ඕනෑ. අපි සාමාන්‍යයෙන් සන්ධානගත වුණාම අපි විශ්වාස කරනවා ඒ කාල සීමාව ඔක්කොම එකට යන්න ඕනෑ කියලා. ඒක තමයි අපේ පුරුද්ද.

මහන්ද මහත්තයාගේ දේශපාලනයේ පුරුද්ද. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවල්වල උත්සාහ කරන්නෙ සන්ධානේ රැස්වීම් කැඳවන්න. මහින්ද මහත්තයාගේ කාලෙත් අපි කැඳෙව්වේ සන්ධානෙ රැස්වීම්. සන්ධානයේ සමහර පාර්ශවයන් තනි තනිවම රැස්වීම් තියනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ අයගේ අදහස්. ඒ අයත් දේශපාලනය කරන්න ඕනෑ. හැබැයි බොහෝ වෙලාවට ඒ අය උත්සාහ කරනවා ආණ්ඩුව කරන ඒවට ඒ අය සම්බන්ධ නැහැ කියන්න.

අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැම දේකටම මේ සන්ධානයේ සියලුදෙනා වගකියන්න ඕනෑ. එක පාර්ශවයකට බැහැ මං මේ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියත් මේකට අදාල නැහැ කියන්න. සාමූහික වගකීමක් තියෙනවා.

වෙන වෙනම රැස්වීම් තිබුණත් අපි කිලෝමීටර ලක්ෂය හදන එකේ වගකීමත් ඒ අයට තිබෙනවා. පාසල් දහසේ ජාතික පාසල් වැඩපිළිවෙලේ වගකීමත් ඒ අයට තියෙනවා. වැව් හදන වගකීමත් ඒ අයට තියෙනවා. ක්‍රීඩා පිට්ටනි හදන එකේ වගකීමත් ඒ අයට තියෙනවා. කාබනික පොහොර වගකීමත් ඒ අයට තිබෙනවා. ඒ නිසා ඒ අයට වගකීම්වලින් පැහැරහරින්න බැහැ කියන එක මතක් කරන්න ඕනෑ.

අපි හදපු සන්ධානය, අපි හදපු ආණ්ඩුව අපි පත්කරගත්තු ජනාධිපතිතුමා ආරක්ෂා කරගෙන මේ රට සංවර්ධන මාවතට අභියෝගාත්මක කාලයේ ගමන් කරමු”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?