ආණ්ඩුවේ හැමදේටම සන්ධානයේ අය වගකියන්න ඕනේ – නාමල් රාජපක්ෂ

“සන්ධානයේ සමහර පාර්ශවයන් බොහෝ වෙලාවට උත්සාහ කරනවා ආණ්ඩුව කරන ඒවට ඒ අය සම්බන්ධ නැහැ කියන්න. අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැම දේකටම මේ සන්ධානයේ සියලුදෙනා වගකියන්න ඕනෑ” යැයි ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි වීරකැටිය බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

“ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් විදියට අපි හදල තිබුණත් පොහොට්ටුවේ බලමණ්ඩලයට කැඳෙව්වේ මොකද අපි පක්ෂයක් විදියටත් ශක්තිමත් වෙන්න ඕනෑ. අපි සාමාන්‍යයෙන් සන්ධානගත වුණාම අපි විශ්වාස කරනවා ඒ කාල සීමාව ඔක්කොම එකට යන්න ඕනෑ කියලා. ඒක තමයි අපේ පුරුද්ද.

මහන්ද මහත්තයාගේ දේශපාලනයේ පුරුද්ද. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවල්වල උත්සාහ කරන්නෙ සන්ධානේ රැස්වීම් කැඳවන්න. මහින්ද මහත්තයාගේ කාලෙත් අපි කැඳෙව්වේ සන්ධානෙ රැස්වීම්. සන්ධානයේ සමහර පාර්ශවයන් තනි තනිවම රැස්වීම් තියනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ අයගේ අදහස්. ඒ අයත් දේශපාලනය කරන්න ඕනෑ. හැබැයි බොහෝ වෙලාවට ඒ අය උත්සාහ කරනවා ආණ්ඩුව කරන ඒවට ඒ අය සම්බන්ධ නැහැ කියන්න.

අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැම දේකටම මේ සන්ධානයේ සියලුදෙනා වගකියන්න ඕනෑ. එක පාර්ශවයකට බැහැ මං මේ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියත් මේකට අදාල නැහැ කියන්න. සාමූහික වගකීමක් තියෙනවා.

වෙන වෙනම රැස්වීම් තිබුණත් අපි කිලෝමීටර ලක්ෂය හදන එකේ වගකීමත් ඒ අයට තිබෙනවා. පාසල් දහසේ ජාතික පාසල් වැඩපිළිවෙලේ වගකීමත් ඒ අයට තියෙනවා. වැව් හදන වගකීමත් ඒ අයට තියෙනවා. ක්‍රීඩා පිට්ටනි හදන එකේ වගකීමත් ඒ අයට තියෙනවා. කාබනික පොහොර වගකීමත් ඒ අයට තිබෙනවා. ඒ නිසා ඒ අයට වගකීම්වලින් පැහැරහරින්න බැහැ කියන එක මතක් කරන්න ඕනෑ.

අපි හදපු සන්ධානය, අපි හදපු ආණ්ඩුව අපි පත්කරගත්තු ජනාධිපතිතුමා ආරක්ෂා කරගෙන මේ රට සංවර්ධන මාවතට අභියෝගාත්මක කාලයේ ගමන් කරමු”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48