Empty Ad
AFC Banner
Empty Ad

ආණ්ඩුවෙන් ජනතාවට සැලසු සහන මෙන්න

අද දිනයේ සිට සෑම මසකම රජයේ සේවකයි සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවයි මුදල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මිට අමතරව සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා ද තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් ලබාදීමට යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කලේ.

ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කළේ.

මිට අමතරව වතුකරයේ සිටින සෑම පවුලක් සඳහා රුපියල් 80ක සහන මිලකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15ක් මාසිකව ලබාදීමට ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මේ සඳහා සුදුසුකම් ලබන්නේ සේවක නියුක්ති භාරකාර අරමුදලේ සමාජිකත්වය දරනු ලබන වතුකම්කරුවන් පමණක් බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.

වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව හේතුවෙන් ඉදිරියේදී වී කිලෝවක් රුපියල් 75ක මුදලකට මිලදී ගැනීමට තීරණය කර ඇති බව පැවසූ මුදල් ඇමතිවරයා එමගින් ඔවුන්ට අස්වැන්න පාඩුවක් සිදුවුවහොත් එයින් ඇතිවන පාඩුව මගහැරෙන බවද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>