ආණ්ඩුවත් එක්ක ඉන්නේ විකල්පයක් නැති නිසා

තමන් වර්තමාන ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ බලය ලබාදීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කරන ලද්දේ අභයාරාමයේ ඊයේ (15 වැනිදා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

‘‘අපි ආණ්ඩුවට විරුද්ධ නැහැ. විරුද්ධ නැත්තේ වෙනත් හේතුවක් නිසා නෙමෙයි. මේ මොහොතෙ අපි විරුද්ධ වුණොත් නැවත වාරයක් එන්නේ හිටපු අයම තමයි. අපි ඒකට විකල්පයක් හදන්න ඕනෙ. විකල්පයක් හදලයි විරෝධය පළ කරන්නේ. දැන්ම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට යයි කියල. එහෙම ඉදිරියට යනවනම් මේ දැන් සිද්ධවෙන දේවල් නතර කරන්න වෙයි. එහෙම නැතුව තුනෙන් දෙකේ බලයක් ලැබුණා කියලා වර්තමාන පාලකයෝ මේ රට විනාශ කරන්න කටයුතු කරනවා නම් අපි නිහඬව ඉන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙන් අපි ඉල්ලන්නේ උපදෙස් දෙන වටේ ඉන්න කේවට්ටයන්ගෙන් පරිස්සම් වෙන්න කියලා. පොහොට්ටුවක් කියලා යමක් ඇති වුණා නම් ඒ ඇති වුණේ අභයාරාමෙන්. ඒක අද මතක නැති එක වෙනම දෙයක්’’ යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09