යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වුණ ඇමති සුසිල්ට හතර වටින් ම සුබ පැතුම්

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සුබ පැතුම් හිමි ව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ආසියානු ශාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති බවයි.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි ව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබපැතුම් එක් කරමින් පවසා සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරිණත ආචාර්යවරයකු වූ සුසිල් ප්‍රේමජයන්ත ලද මේ විශිෂ්ට ජයග්‍රහණය පෞද්ගලික ව එතුමා සහ රට ලැබූ විජයග්‍රහණයක් බවයි.

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම ඉතා දුලබ මෙන් ම අසීරුවෙන් ලබාගත යුතු අවස්ථාවක් බවත් එවන් තනතුරක් සඳහා ජාත්‍යන්තර ඡන්ද විශාල ප්‍රමාණයක් දිනාගනිමින් තේරී පත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට දකුණු ආසියානු කලාපයට හා සමස්ත ලෝකයට ම සේවය කිරීමට මහඟු අවස්ථාවක් මෙමගින් උදා වූ බවත් රට වෙනුවෙන් හා පාර්ලිමේන්තුව වෙනුවෙන් තමන් ඒ සඳහා සුබපැතුම් එක් කරන බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන ද මෙහි දී සුබ පැතුම් එක් කරමින් සඳහන් කළා.

ප්‍රේමජයන්ත මහතා ප්‍රංශයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ මූලස්ථානයේ දී මෙවර යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අතර මින් පෙර 2008 වර්ෂයේ ද එම තනතුර හොබවමින් රටට කීර්තියක් අත් කර දුන් බැව් සඳහන් කළ සුදර්ශන දෙණිපිටිය මන්ත්‍රීවරයා ද රටවල් විශාල සංඛ්‍යාවක් අබිබවා ලද මෙම දුලබ ජයග්‍රහණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාට සුබ පතා තිබෙනවා.

මෙහි දී ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?