අහුලාගත් ණය කාඩ්පතෙන් පාසල් සිසුවා ලක්ෂ හතර හමාරක බඩු අරන් (වීඩියෝ)

හැටන් නගරයේ බිමට වැටී තිබූ ණය කාඩ්පතක් අහුලාගෙන එය භාවිත කරමින් රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වටිනා භාණ්ඩ මිලදී ගත් පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසුවා විසින් පසුගිය පළමු වනදා හැටන් නගරයේ වැටී තිබූ ණයකාඩ් පතක් අහුලාගෙන ඉන් සුපිරි වෙළදසැලකින් ආහාර මිල දී ගෙන ඇති අතර පසුව මහනුවර ප්‍රදේශයෙන් දුරකථන අමතර උපාංග කිහිපයක්, කායවර්ධන පෝෂ පදාර්ථ සහ පාවහන් යුගළ කිහිපයක් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අස්ථාන ගත වූ ණය කාඩ්පතේ හිමිකරු වූ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබෙනවා.

සැකකාර සිසුවා භාණ්ඩ මිල දී ගෙන තිබූ එක් ආයතනයකින් නිකුත් කර තිබූ වගකීම් සහතිකයකට ලබා දී තිබූ ඔහුගේ සත්‍ය නම, ලිපිනය සහ දුරකථන අංකය අනුව විමර්ශන ඇරඹු පොලිසිය අද (06) දිනයේ සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු සිසුවා විසින් මිල දි ගත් භාණ්ඩ ඔහුගේ මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධකර තිබූ බව ද පොලිසිය පැවසුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපන ලබන සිසුවෙක්.

සැකකාර පාසල් සිසුවා අද (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපමත මුදාහැර ඇති අතර, එම නඩුව මේ මස 18 වනදා යළි කැඳවීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
14
+1
73
+1
11
+1
22
+1
5
+1
18
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59