අසේලපුරින් ඇල්ලූ අඩි හතේ කිඹුලා (ඡායාරූප)

පොළොන්නරුව, වැලිකන්ද, අසේලපුර ගම්මානය පැමිණ සිටි අඩි හතක් පමණ දිග කිඹුලෙකු වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් සිදුකළ මෙහෙයුමක දී අල්ලා ගැනීමට හැකිව තිබෙනවා.

අද (06) උදෑසන සිදුකළ පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු මෙම කිඹුලා අල්ලා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව එම සත්වයා පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම කිඹුලා ගම්මානයට කෙසේ පැමිණියා ද යන්න මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකි වූ බවයි වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?