අසාධාරණ පත් කිරීමක් නිසා තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් රට හැර යයි

ආමාශ සහ උදර සම්බන්ධ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යවරයෙකුට (Gastroenterologists) ලබාදී ඇති සේවා ස්ථාන කිහිපයකට ළඟාවීමට ඇති ප්‍රායෝගික අපහසුතා හමුවේ එම වෛද්‍යවරයා විදෙස්ගත වීමේ සිදුවීමක් වාර්තා වනවා.

අදාළ විශේෂඥ වෛද්‍යවරයා සිය විදෙස් පුහුණුවෙන් පසු පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ සේවය කිරීමටයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පත්වීමක් දිය යුතු බවට අමාත්‍යංශයෙන් කළ දැනුම්දීම් මත ඔහු තම පදිංචිය රාගම ප්‍රදේශයේ වීම හේතුවෙන් මන්නාරම ප්‍රදේශයට යාමට ඇති පහසුව හමුවේ එම ප්‍රදේශයට අනුයුක්ත කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර තිබුණා.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අදාළ වෛද්‍යවරයාට පත්වීම ලබාදී ඇත්තේ වව්නියාව රෝහලකටයි.

එම රාජකාරි අතර මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි රෝහල්වල ද කටයුතු ආවරණය කරන ලෙසටයි ඔහුට දන්වා ඇත්තේ.

එලෙස රාජකාරී සිදු කිරීමට ඇති ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් මෙම විශේෂඥ වෛද්‍යවරයා යළිත් විදෙස්ගත වීමටයි තීරණය කර ඇත්තේ.

ආමාශ සහ උදර සම්බන්ධ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යවරු ශ්‍රී ලංකාව තුළ සිටින්නේ 16 දෙනෙකු පමණක් වන අතර ඉන් කොළඹ ජාතික රෝහලේ 4 දෙනෙකු සේවය කරන බව සඳහන්.

ඉන් අයෙක් ද විදෙස් ගතවී ඇති අතර තවත් අයෙක් සිටින්නේ නිවාඩු මතයි.

එවැනි තත්ත්වයක් මත මෙවැනි විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවාගත යුතුව තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණ හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යන බවටයි චෝදනා එල්ල වන්නේ.

මේවන විට හම්බන්තොට කරාපිටිය ඇතුලු රේාහල් කිහිපයකම විශේෂඥ වෛද්‍යවරුන් විදෙස්ගතව ඇති බවට අද තොරතුරු අනාවරණ වුණා.

මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩල ද පත්වී ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

WhatsApp Image 2023 08 18 at 19.07.22
WhatsApp Image 2023 08 18 at 19.07.22 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
1
+1
7
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?