අසාධාරණ පත් කිරීමක් නිසා තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් රට හැර යයි

ආමාශ සහ උදර සම්බන්ධ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යවරයෙකුට (Gastroenterologists) ලබාදී ඇති සේවා ස්ථාන කිහිපයකට ළඟාවීමට ඇති ප්‍රායෝගික අපහසුතා හමුවේ එම වෛද්‍යවරයා විදෙස්ගත වීමේ සිදුවීමක් වාර්තා වනවා.

අදාළ විශේෂඥ වෛද්‍යවරයා සිය විදෙස් පුහුණුවෙන් පසු පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ සේවය කිරීමටයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පත්වීමක් දිය යුතු බවට අමාත්‍යංශයෙන් කළ දැනුම්දීම් මත ඔහු තම පදිංචිය රාගම ප්‍රදේශයේ වීම හේතුවෙන් මන්නාරම ප්‍රදේශයට යාමට ඇති පහසුව හමුවේ එම ප්‍රදේශයට අනුයුක්ත කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර තිබුණා.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අදාළ වෛද්‍යවරයාට පත්වීම ලබාදී ඇත්තේ වව්නියාව රෝහලකටයි.

එම රාජකාරි අතර මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි රෝහල්වල ද කටයුතු ආවරණය කරන ලෙසටයි ඔහුට දන්වා ඇත්තේ.

එලෙස රාජකාරී සිදු කිරීමට ඇති ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් මෙම විශේෂඥ වෛද්‍යවරයා යළිත් විදෙස්ගත වීමටයි තීරණය කර ඇත්තේ.

ආමාශ සහ උදර සම්බන්ධ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යවරු ශ්‍රී ලංකාව තුළ සිටින්නේ 16 දෙනෙකු පමණක් වන අතර ඉන් කොළඹ ජාතික රෝහලේ 4 දෙනෙකු සේවය කරන බව සඳහන්.

ඉන් අයෙක් ද විදෙස් ගතවී ඇති අතර තවත් අයෙක් සිටින්නේ නිවාඩු මතයි.

එවැනි තත්ත්වයක් මත මෙවැනි විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවාගත යුතුව තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණ හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යන බවටයි චෝදනා එල්ල වන්නේ.

මේවන විට හම්බන්තොට කරාපිටිය ඇතුලු රේාහල් කිහිපයකම විශේෂඥ වෛද්‍යවරුන් විදෙස්ගතව ඇති බවට අද තොරතුරු අනාවරණ වුණා.

මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩල ද පත්වී ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

WhatsApp Image 2023 08 18 at 19.07.22
WhatsApp Image 2023 08 18 at 19.07.22 1
  1. මා නම් හිතන්නේ සෞඛ්‍ය අමාත්යංශය ඉතා නිසි අයුරින් පත්වීම ලබා දී තිබෙනවා, මෙවැනි විරල වෛද්‍යවරුන්ට ආයතන කිහිපයක් ආවරණය කරන්න වෙනවා. අනික රාගම සිට මන්නාරම දුරයි වවුනියාව ලඟයි. ඔහුට වවුනියාවේ සිට ප්‍රවාහන පහසුකම් ලැබෙනවා ඒ ඒ ස්ථාන වලට යාමට. ඔහුට යන්නට ඕනෑකම තිබෙන නිසා හේතුවක් සඳහන් කර යන්නට යනවා. මේ කියා මමත් වෛද්‍යවරයෙක්, ඒත් සියලු බාධක මැද සේවය කරන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26