අසාත්මිකතා මරණ ගැන සෙවූ කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිට

ආසාත්මිකතා සහ සංකූලතා ඇතුළුව මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අද (09) සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබූ අතර එම කමිටුවේ සභාපති, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහතා ඇතුළු කමිටු සාමාජිකයින් පිරිසක් විසිනුයි වාර්තාව ඇමතිවරයා වෙත භාරදී ඇත්තේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රෝගීන්ගේ සිදු වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් ඒ පිළිබඳව විද්‍යාත්මකව සොයා බැලීමට පසුගිය ජුලි මස 17 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා.

මෙම වාර්තාවේ අරමුණ වූයේ පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කතාබහට ලක් වූ ආසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරිමයි.

ඇති වූ සිද්ධි 06 සැලකීමේදී දී ඉන් 05ක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොට ගෙන සිදු වූ බවටයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

මෙම සිදුවීම්වල‍ට හේතු වූ ඖෂධවල තත්ත්ව පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින අතර එම පරීක්ෂණ ගැඹූරින් විග්‍රහ කිරීමට වැඩි කාලයක් ගත වන බැවින් අදාළ වාර්තාවේ නිරික්ෂණ ද සහිතව සවිස්තරාත්මක ඇගයීම් කමිටු වාර්තාවක් ඉදරියේදී ඉදිරිපත් කිරිමට නියමිතයි.

ආසාත්මිකතා විෂයට අදාළ සිද්ධීන්ට සම්බන්ධ ඖෂධයන්හි තත්ත්ව පරීක්ෂණ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NDQAL) ආයතනය මගින් සිදුවෙමින් පවතිනවා.

ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ තවදුරටත් පෙර සූදානම, හඳුනා ගැනීම හා කළමණාකරණය සඳහා නිර්දේශයන් ද වාර්තාවේ ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?