අස්වැසුම ජනවාරි මස දීමනාව හෙට බැංකු ගිණුම්වලට

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට (28) දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ, අනුව අස්වැසුම පළමු අදියරට අදාළව රුපියල් එකොළොස් බිලියන දෙසිය තිස් හතර මිලියන හත්සිය දහතුන් දහස් හත්සිය පනහක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,584ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

අස්වැසුම පළමු අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන අනූ දෙමිලියන දෙසීය දහසක මුදලක් ප්‍රතිලාභීන් 618,440ක් අතරේ බෙදාහැරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස දීමනාව ලෙස රුපියල් දෙමිලියන දෙසිය තිස්පස් මිලියන එකසිය තිස් හත්දහස් පන්සියයක මුදලක් ප්‍රතිලාභී පවුල් 248,454ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.

අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන හතලිස් මිලියන නවසිය පහළොස් දහසක මුදලක් ප්‍රතිලාභීන් 68,183ක් අතරේ බෙදා දෙමින් ඔවුන්ගේ අසවැසුම ගිණුමට බැර කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?