අස්වැසුමේ ගැටළු ලිහීම ජනපති දිවයිනට පැමිණි පසු

සුභසාධන ප්‍රතිලාභ ලැබිය යුතු සියළු දෙනාට ‘අස්වැසුම’ සුභසාධන වැඩපිළිවෙල තුළින් ප්‍රතිලාභ ලබාදීම රජයේ අපේක්ෂාව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රජය සෑම විටම නම්‍යශීලිව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, ‘අස්වැසුම’ සුභසාධන වැඩපිළිවෙලේ ඇති අඩුපාඩු හා ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කරන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වන විටත් මුදල් ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡා කර පැන නැගී ඇති ගැටළු විසඳීමට පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

මේ අතර ‘අස්වැසුම’ වැඩසටහනට අදාළ අභියාචනා භාරගැනීමට ලබාදුන් කාලය ජූලි 10 දක්වා දීර්ඝ කළ බව රජය ඊයේ (25) දැනුම් දුන්නා.

එමෙන්ම ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පුද්ගලිකව භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන් දැනුම්වත් කර ඇති බව ද වාර්තා වනවා.

මේ අතර අභියාචනා හෝ විරෝධතා ගොනුකිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය අද (26) සිට ලබන සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33