AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුමේ ගැටළු ලිහීම ජනපති දිවයිනට පැමිණි පසු

සුභසාධන ප්‍රතිලාභ ලැබිය යුතු සියළු දෙනාට ‘අස්වැසුම’ සුභසාධන වැඩපිළිවෙල තුළින් ප්‍රතිලාභ ලබාදීම රජයේ අපේක්ෂාව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රජය සෑම විටම නම්‍යශීලිව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, ‘අස්වැසුම’ සුභසාධන වැඩපිළිවෙලේ ඇති අඩුපාඩු හා ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කරන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වන විටත් මුදල් ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡා කර පැන නැගී ඇති ගැටළු විසඳීමට පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

මේ අතර ‘අස්වැසුම’ වැඩසටහනට අදාළ අභියාචනා භාරගැනීමට ලබාදුන් කාලය ජූලි 10 දක්වා දීර්ඝ කළ බව රජය ඊයේ (25) දැනුම් දුන්නා.

එමෙන්ම ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පුද්ගලිකව භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන් දැනුම්වත් කර ඇති බව ද වාර්තා වනවා.

මේ අතර අභියාචනා හෝ විරෝධතා ගොනුකිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය අද (26) සිට ලබන සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?