අස්ථාන බෑගය සොයන්න ඉන්ඩිගෝ ගුවන් සේවයේ වෙබ් අඩවිය හැක් කරයි

අස්ථානගත වූ තම ගමන් බෑගය සොයා ගැනීමට ඉන්දීය ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ ගුවන්සේවයේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ක්‍රියාව සිදුකර ඇත්තේ 28 හැවිරිදි නන්දන් කුමාර් නම් මෘදුකාංග ඉංජිනේරුවෙක්.

ඉන්ඩිගෝ ගුවන් සේවයට ඇමතුමක් ලබාදී තම ගමන් මල්ල වෙනත් මගියෙකුගේ ගමන් බෑගය සමග මාරු වී ඇති බැවින් එය සොයා ගැනීමට සහය වන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, එම ගුවන් සේවය අදාළ ගුවන් මගියා පිළිබඳ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එම ගුවන් මගියා පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?