අස්ගිරි මහ නාහිමියන් අත්සන් කලේ කැමැත්තෙන්

ඉකුත් 20 වනදා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් රටේ පවතින ටර්ථමාන අර්බුදකාරි තත්වයන් වහා සමනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබෙනවා.එම ලිපියේ අස්ගිරි මහ නාහිමියන්ගේ අත්සන සම්බන්ධයෙන් සමාජයේ ඇතිවී තිබෙන මතවාදය අස්ගිරි මහ නාහියන්ගේ පෞද්ගලික ලේකම් ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් පැහැදිලි කරමින් කියා සිටියේ එම ලිපියට අස්ගිරි මහනාහිමියන් අත්සන් තබා ඇත්තේ කැමැත්තෙන්ම බවයි.

මහවිහාරයෙන් කිසිදු විමසීමක් නොකර යම් පුද්ගලයෙකු ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවට පැමැණිල්ලක් කර ඇතැයිද උන්වහන්සේ කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?