AFC Banner
AFC Banner
Empty Ad

අසල්වැසි රටේ පුරවැසියෙකුගේ ගමන් බෑගය ඉස්සූ ලාංකිකයාට මාංචු

ඉන්දීය ජාතිකයෙකුගේ ගමන් බෑගයක් දුම්රියේදී සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම් රියෙන් ගමන් ගත් ඉන්දීය ජාතිකයෙකුට මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපෑමට සිදු ව ඇති බවයි.

මෙම සංචාරකයාගේ ගමන් බෑගය ඉඟුරුඔය සහ ගලබඩ අතර දී අස්ථානගත වී ඇති බවට දුම් රිය ආරක්ෂක අංශ නිලධාරීන් වෙත පැමිණිලි ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් අදාළ සිදුවීම ගැන හැටන් පොලිස් අපරාධ විමර්ශන අංශයට දැනුම්දීමෙන් අනතුරුව 30 හැවිරිදි මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුව අත්අඩංගුවට ගැනුණා.

සැකකරු මහනුවර සිට හැටන් දක්වා දුම්රියෙන් ගමන් කිරීමට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන තිබූ අයෙක් බවයි හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?